අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ පී.ඩබ්ලිව් සෙනුක අනුජය කුම්තේ ඉසව්වෙන් දෙවන ස්ථානය ලබා ගනිමින් විශිෂ්ට දක්ෂතා පෙන්වමින් රිදී පදක්කම දිනා ගත්තේය

ඉතිසායට එක් කරමින් අප විද්යාලය අතිවිශිෂ්ඨ ජයක් වාර්තා කරයි....
ශ්රී ලංකා පාසැල් කරාතේ දෝ කණ්ඩායම නියෝජනය කරමින් ‘ක්වාලාලම්පූර් කුසානෝ’ විවෘත ජාත්යන්තර කරාතේ ශූරතා තරගාවලියට සහභාගී වූ ගාල්ල දිස්ත්රික්කයේ ක්රීඩක ක්රීඩිකාවන් සිව්දෙනාගෙන් අප විදයාලයෙන් ක්රිඩකයෙක් සහ ක්රිඩිකාවක් ජයග්රහණ 03 ලබා ගනිමින් අප විද්යාලයට අති විශිෂ්ඨ ජයග්රහණයක් හිමිකර දී තිබේ.මෙහි තවත් විශේෂත්වයක් වනුයෙ දකුණු පලාතෙන්ම එකම පිරිමි නියෝජයකට හිමිකම් කියන එකම නියෝජනය අප විදයාලයෙන් බිහි වීමයි.
තරගාවලියට එංගලන්තය, ඉන්දියාව,භූතානය පකිස්ථානය,ජපානය, මැලේසියාව සහ තවත් බෝහෝමයක් රටවල් ඇතුළු ක්රීඩක ක්රීඩිකාවන් 500 කට ආසන්න පිරිසක් සහභාගී වී තිබේ.
අම්බලන්ගොඩ ගා/ශ්රී දේවානන්ද විද්යාලය නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ යෙෂදි බිනාරා ලංකාදේව, කාතා ඉසව්වෙන් පළමු ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම හා කුම්තේ ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගනිමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ඇය වයස අවුරුදු 18 න් පහළ කාන්තා කිලෝ ග්රෑම් 47 ට අඩු බර පංතිය යටතේ තරගාවලියට ඉදිරිපත් විය.
අම්බලන්ගොඩ දේවානන්ද විද්යාලයේ පී.ඩබ්ලිව් සෙනුක අනුජය කුම්තේ ඉසව්වෙන් දෙවන ස්ථානය ලබා ගනිමින් විශිෂ්ට දක්ෂතා පෙන්වමින් රිදී පදක්කම දිනා ගත්තේය. ඔහු වයස අවුරුදු 18 න් පහළ පිරිමි, කිලෝ ග්රෑම් 61 ට වැඩි බර පංතිය යටතේ තරගාවලියට ඉදිරිපත්ව තිබේ.
තරගාවලිය පසුගිය 2024 මැයි 24 දින සිට 30 දින දක්වා මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේදී පැවැතිවිණි. තරගාවලියට ශ්රී ලංකා පාසැල් කරාතේ දෝ කණ්ඩායම නියෝජනය කරමින් දිවයින පුරා පාසැල් 27 කට අයත් ක්රීඩකයින් 19 දෙනෙකු, ක්රීඩිකාවන් 16 දෙනෙකු සහභාගී විය.ඒ අතරින් අප පලාතෙන් තේරි පත්වු ක්රීඩක ක්රීඩිකාවන් 04 දෙනගෙන් 02 නෙක් අපගේ විද්යාලයෙ සිටීම අපට මහත් ගෞරවයකි.


Related Posts